fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහා විනාශයකට අත වනන කරදියාන කුණු කන්ද

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2023 13:13

මහා විනාශයකට අත වනන කරදියාන කුණු කන්ද

කරදියාන කුණු කන්දෙන් විශාල පරිසර හානියක් සිදුවන බවට ප්‍රදේශවාසින් හා සිවිල් සංවිධාන චෝදනා කරනවා. බොල්ගොඩ ගඟේ මත්ස්‍ය සම්පතට ද මෙමඟින් තර්ජනයක් එල්ල වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කැස්බෑව ආසනයට අයත් කරදියාන ප්‍රදේශයේ මෙම කුණු කන්දට නගරසභා 6කින් එකතු වන කැළිකසළ බැහැර කිරීම සිදුවනවා. මේ වන විටත් ප්‍රදේශයේ දුර්ගන්ධයක් පවතින අතර මැසි මදුරු උවදුරු ද බෙහෙවින් ඉහළ ගොස් ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. ඇතැම් පිරිස් අවිධිමත් අයුරින් කැළිකසළ බැහැර කිරීම ද මීට හේතුවක් බව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා.

බොල්ගොඩ ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ මත්ස්‍ය සම්පත ද විනාශ වෙමින් පවතින අතර ජපන් ජබර වැනි ජලජ ශාක ව්‍යාප්තිය ද ශිඝ්‍රලෙස සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2023 13:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්