fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් අතුරුදන්

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2023 10:22

ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් අතුරුදන්

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹිම සදහා පිටත්ව ගිය සංචාරකයින් පිරිසක් අතුරුදන් බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

සංචාරකයින් පිරිසක් සමග අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. අත්ලාන්තික් සාගරය තුළ අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එය සමග තිබූ සබඳතා ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. අමෙරිකා ඕෂන් ගේට් සංචාරක සමාගමට අයත් සබ්මැරිනයකිනුයි පුද්ගලයින් 5දෙනෙකු මෙම සංචාරය සඳහා පිටත්ව ගොස් ඇත්තේ. පොළව මට්ටමේ සිට මීටර් 3,800 ගැඹුරේ සිදුකෙරෙන මෙම සංචාරය සදහා දින 8ක කාලයක් ගතවන අතර එක් පුද්ගලයෙකුගෙන් ඇමෙරිකා ඩොලර් 250,000ක මුදලක් අය කෙරෙනවා.

පසුගිය ඉරිදා දිනයේදීයි ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සදහා වන සංචාරය ආරම්භ කර ඇත්තේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2023 10:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්