පියා සහ මවගේ අමානුෂික පහරදීම් හමුවේ නිවසින් පැනගිය පාසල් සිසුවෙක් හැටන් පොලිස් භාරයට
Related Articles
පියා සහ මවගේ අමානුෂික පහරදීම් හමුවේ නිවසින් පළාගිය පාසල් සිසුවෙකු හැටන් පොලිසිය මගින් සොයා ගැනුණා.
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පාසල් සිසුවා මවගේ සහ පියාගේ අමානුෂික පහරදීම් ඉවසාගත නොහැකිව නිවසින් පළාගොස් තිබුණා. කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ තැපැල් දුම්රියේ නැගී පළාගිය මෙම සිසුවා හැටන් දුම්රිය ස්ථානයේ සිටියදී පොලිසිය මගින් සොයා ගැනුණේ. පානදුර ප්‍රදේශයේ මිත්තණියකගේ නිවසක රැදී සිටිමින් 9 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ මෙම සිසුවා පාසලෙන් ඉවත්කර ගැනීමට ද පියා කටයුතු කර තිබුණා. සෑම අවස්ථාවකදීම නිවසින් පළායන ලෙස පවසමින් පියා පහරදෙන බවටයි සිසුවා පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ. නිවසේදී තමන්ට එල්ලවන වද හිංසා හේතුවෙන් යළි නිවසට යාමට නොහැකි බවද ඔහු පවසනවා.
ඒ හේතුවෙන් සිසුවා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමෙන් පසු පරිවාසය හරහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරදෙන බවයි හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ප්‍රකාශ කළේ.