fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බාල සහෝදරයා සිදුකළ පහරදීමකින් වැඩිමල් සහෝදරයා ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2023 09:34

බාල සහෝදරයා සිදුකළ පහරදීමකින් වැඩිමල් සහෝදරයා ජීවිතක්ෂයට

බලංගොඩ බලගහමුල ප්‍රදේශයේ දී බාල සහෝදරයා සිදුකළ පහරදීමකින් වැඩිමල් සහෝදරයා ජීවිතක්ෂයට පත්වුණා. පහරදීම සිදුකළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි බාල සහෝදරයා බීමතින් පැමිණ බලංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මව පියා සහ වැඩිමහල් සහෝදරයා සමග ආරවුලක් ඇතිකරගෙන තිබෙනවා. එහිදී බාල සහෝදරයා පහරදීමක් සිදුකර ඇති අතර ඉන් බරපතල තුවාල ලැබූ වැඩිමල් සහෝදරයා බලංගොඩ රෝහලට ඇතුළත් කෙරුණා. ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවටයි වෛදවරුන් තහවුරු කර තිබෙන්නේ. ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම ආරවුල පිළිබද බලගොඩ පොලීසියට ලැබුණු තොරතුරු අනුව විමර්ශන ක්‍රියාත්මකයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 57වන වියේ පසුවූ බලගහමුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දේහය බලංගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂනය සහ පශ්චාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2023 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්