ලබන මහ කන්නයෙන් පසු මෙරට මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක සහල් අතිරික්තයක් ඇතිවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සිදු කළ නිරීක්ෂණයන් මත සනාථ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අද (18) පෙරවරුවේ සිටිනාමළුව ගම්මානය කෘෂිව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු අරඹමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
මෙම යල කන්නයේ යහපත් වී අස්වැන්නක් ලැබෙනු ඇති බවට දැනට තිබෙන තොරතුරු අනුව සනාථ වී තිබෙනවා.
එමෙන්ම ලබන මහ කන්නයේ දී ද වගා කටයුතු සැළසුම් කර ඇති ආකාරය අනුව හොඳ වී අස්වැන්නක් ලබා ගැනීම ඉළක්ක කර තිබෙනවා.
වසරකට මෙරට සහල් අවශ්‍යතාවය මාසිකව මෙට්‍රික් ටොන් ලක්ෂ 02කි.
ඒ අනුව වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 24ක් වැනි ප්රමාණයකි.
මෙවර යල කන්නය හා ලබන මහ කන්නය වී අස්වනුවලින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 27ක් සකසා ගැනීමට හැකිවෙනවා.
ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක අතිරික්තයක් ඇති වුවහොත් එම සහල් සඳහා ගත යුතු පියවර සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය සැළසුම් සකස් කර තිබෙනවා.
ඒ අනුව වී මිල පහළ ගියහොත් ගොවීන්ට ලැබෙන ආදායම අවම විය හැකි නිසා අතිරික්ත සහල් තොග වෙනත් රටකට අපනයනය කිරීම හෝ අපනයනය කළ හැකි සහල් නිපදවිය හැකි වී වර්ග වගා කිරීම සම්බන්ධව අවධානය යොමු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම ඉදිරියේ දී වැඩි අස්වැන්නක් ලබා ගත හැකි කුඹුරූ ඉඩම්වල වී වගා කර අනෙකුත් ඉඩම්වල බඩඉරිඟු වැනි අතිරේක බෝග වගාවට යොමු විය යුතු බවද ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ගොවි ජනතාවට ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.