fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිරි කර්මාන්තය නංවාලීමට රජයේ නිලධාරීන්ගෙන් සහයෝගය ලැබුණේ නැහැ

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2023 13:10

කිරි කර්මාන්තය නංවාලීමට රජයේ නිලධාරීන්ගෙන් සහයෝගය ලැබුණේ නැහැ

තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල අවධියේ මේ රටේ කිරි කර්මාන්තය නංවාලීමට උත්සහ කලද ඒ සදහා වගකිය යුතු රජයේ නිලධාරින්ගෙන් සහයෝගය නොලැබුණු බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේදී මධ්‍යම පළාතේ කිරි ගොවින්ට කිරි ගොවි උපකරණ බෙදා දිමේ උත්සවයකටට සහභාගි වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල අවධියේ දේශිය කිරි කර්මාන්තය සදහා අලුතින් කිරි ගොවින් 4000 ක් යොමු කල බවත්, ඉන් කිරි ගොවින් 1700 දෙනෙකු මධ්‍යම පළාත තුල සිටි බවයි.

දේශිය කිරි කර්මාන්තය නංවාලමින් පිට රටින් මෙරටට ආනයනය කරන කිරිපිටි පාලනය කිරිමට තමන් උත්සහ කලද ඒ සදහා වගකිය යුතු නිලධාරීන් උනන්දු නොවු බවත්, එම නිලධාරීන් උත්සාහ කරමින් සිටින්නේ පිටරටින් මෙරටට කිරිපිටි ආනයනය කිරීමට බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2023 13:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්