බඳගිරිය වැවේ විසි දැල් භාවිතා කරමින් මසුන් මරමින් සිටි ධීවරයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබූ බව හම්බන්තොට පොලීසිය පවසනවා
මාළු දැළක පැටලී තිබී ධීවරයාගේ සිරුරු ප්රදේශවාසීන් විසින් සොයා ගෙන තිබුණු අතර ඒ වෙන විටත් කිඹුලා විසින් ධීවරයාගේ පාදයකින් කොටසක් ගිල දමා තිබුණු බවයි ප්රදේශවාසීන් පැවසුවේ.
කිඹුල් ප්රහාරයට ලක්ව මිය ගොස් තිබුණේ බඳගිරියේ පදිංචිව සිටි ජයවර්ධන ආරච්චිගේ ලහිරු සම්පත් නම් 32 වැනි වියේ පසු වූ එක්දරු පියෙක්.