උගන්ඩාවේ පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් මිය ගිය සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෙවත් උගන්ඩාවේ ක්‍රියාත්මක ත්රස්තවාදීන් විසින් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
පාසලේ සිටි සිසුන්ගෙන් විසි දෙනෙකු ඝාතනය කර ඇත්තේ පිහිවලින් පහරදීමෙන් බවටයි සදහන් වන්නේ.
තවත් 17 දෙනෙකු බෝම්බ ප්‍රහාරවලින් ඇති වු ගින්නෙන් මිය ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
ත්රස්තවාදීන් විසින් සිසුන් 6 දෙනෙකු පැහැරගෙන ගොස් තිබෙනවා. 8 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන්.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද මෙම ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කළා.
1998 වසරෙන් පසු උගන්ඩාවේ සිදු වු ම්ලේච්ඡම ප්‍රහාරය මෙය බවටයි විචාරකයන් අදහස් පළ කරන්නේ.