විහාරාධිපති හිමියන්ගේ බෑගයෙන් මුදල් සොරකම් කළ ඇබිත්තයා අත්අඩංගුවට
Related Articles
කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ ආවාස ගෙට ඇතුළුවී විහාරාධිපති හිමියන් සතු බෑගයෙන් එක්ලක්ෂ විසිපන්දහසක් සොරා ගැනීම සම්බන්ධයෙන් ඒ පිළිබඳ පැමිණිලි කළ සේවකයාම අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.
ඉකුත් 12 වන දින මෙම සොරකම සිදු වී තිබිණි.
ආවාස ගෙයි ජනෙල් වීදුරු තුනක් ගලවා ඇතුලු වී මෙම සොරකම සිදුකර තිබෙනවා.
පැමිණිලිකාර සේවකයා සම්බන්ධයෙන් පොලීසියට සැකයක් ඇති වී සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ලැබෙන වැටුප මදි වීම හේතුවෙන් මෙම සොරකම සිදුකළ බව අනාවරණය වී තිබෙනවා.
පොලීසිය නොමග යැවීම සඳහා ජනෙල් වීදුරු ගැලවූ වූ බවද ඔහු පිලිගෙන තිබෙනවා.
63 හැවිරිදි සැකකරු හෝමාගම පදිංචිකරුවෙක්.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා වැල්ලම්පිටිය පොලීසිය වෙත භාරදී ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.