ජනපති සහ UNDP නියෝජිතයා අතර හමුවක්
Related Articles
කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා මහත්මිය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති හමුවේදීයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. මෙම හමුව ඊයේ පැවැත්වුණා.
රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මෙන්ම පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා තුළ තරුණ සහභාගීත්වය ඉහළ නංවා ගැනීමේදී මෙසේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.