හික්කඩුව, සීනිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ, රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහුව ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඔහු අද (17) පෙරවරුවේ සීනිගම දේවාලය ආසන්න ප්‍රදේශයයේදී ඔහුට අයත් කැබ්රථයේ සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බව වාර්තා වෙයි.
වෙඩි ප්‍රහාර මධ්‍යයේම ප්‍රාදේශීය දේශපාලනඥයා හික්කඩුව පොලිස් ස්ථානය වෙත ගොස් ඇති අතර පසුව හික්කඩුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව රෝහල්ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.