ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 7342නෙකුට ගුරු පත්වීම් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා කියා සිටිනවා.
2018, 2022 අධ්‍යයන වසරේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සදහා ගුරුපත්වීම් ලබාදීම අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා.
ජාතික පාසල් සදහා ගුරු පත්වීම් 1729ක් බස්නාහිර පළාත සදහා පත්වීම් 626ක්, මෙන්ම අනෙකුත් පළාත් සදහා ද පත්වීම් ලබාදුන්නා. වසර 2050ට ඔබින අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට කැපවන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.