fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කතරගම පාද යාත්‍රාවට එක්වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2023 18:08

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කතරගම පාද යාත්‍රාවට එක්වෙයි

ශ්‍රී ලංකාවේ පැරණි ජීවන සම්ප්‍රදායක් වන කතරගම පාද යාත්‍රාව දිවයිනේ උතුරු ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර, මෙම පාද යාත්‍රාව සදහා පස්වන වරටත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් පසුගිය ඉරිදා දින (ජූනි 11) එක් විය.
ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බැතිමතුන් කතරගම දෙවියන් උදෙසා සිදු කරනු ලබන ප්‍රධාන සම්ප්‍රදායක් වන මෙම පාරම්පරික පාද යාත්‍රා සම්ප්‍රදායට සහභාගී වූ බැතිමතුන් මාස දෙකක් පමණ කිලෝමීටර් සිය ගණනක් පසු කරමින් යාල ජාතික වනෝද්‍යානය හරහා ඊයේ දින (15) කතරගම පුදබිම වෙත ලඟා විය.

මෙම පාද යාත්‍රාව සඳහා ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් ද රාජ්‍ය අමාත්‍යවරයා හා එක් විය.
තවද මෙම පාද යාත්‍රා සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ බහු සංස්කෘතික ආචාර ධර්මවල අංගයක් වන අතර, පාද යාත්‍රාව ආරම්භ කර ඉදිරියට යන විට බැතිමතුන් දහස් සංඛ්‍යාත පිරිසක් මෙම පාද යාත්‍රාවට එක්වීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි.

පාද යාත්‍රාව සඳහා සහභාගී වන බැතිමතුන් සඳහා යාල වනෝද්‍යානයේ ලිං තුන ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයාගේ අනුග්‍රාහකත්වයෙන් සිසිල් බීම දන්සලක්ද සංවිධානය කර තිබිණි.

මෙම පුජනිය වැඩසටහන සඳහා සියලු පහසුකම් සපයන ත්‍රිවිධ හමුදාව, පොලීසිය, වනජීවි නිලධාරීන් ඇතුළු පිරිස් උතුරේ සිට
කතරගම දක්වා පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන්ට ඔවුන්ගේ ප්‍රජා සුභසාධන සහ ජීවිතාරක්‍ෂක සේවා පහසුකම් තවදුරටත් සිදුකරමින් පහසුකම් සැලසිමට කටයුතු කරන ලදි.

මෙම බැතිමතුන්ගේ වාර්ෂික වන්දනා චාරිකාව සාර්ථක කර ගැනිම සඳහා සිය දායකත්වය නිසි ලෙස ලබා දෙන ත්‍රිවිධ හමුදාව, පොලීසිය, වනජීවි නිලධාරීන් ඇතුළු සියළුම පිරිස් වෙත ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සිය ස්තූතිය මෙහිදි පලකර සිටින ලදි.

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2023 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්