ලබන 21 වනදාට යෙදෙන ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් සැමරුම් උත්සව කිහිපයක් පැවැත්වුණා.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සැමරුම් උත්සවය පැවැත්වුණේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
මහාචාර්ය ජේ බි ජයවර්ධන මහතා මෙහිදී ආතති කළමනාකරණය පිළිබද ආරාධිත දේශනයක් පැවැත්වුවා.
යෝගා සංදර්ශනයක් ද පැවැත්වුණු අතර උත්සවය සංවිධාන කළේ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කැස්බෑව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය හා කැස්බෑව ප්‍රා දේශීය ලේකම් කාර්යාලය එක්වයි.
මේ අතර වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය හා ඉන්දීය සහකාර මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධාන කළ ජාත්‍යන්තර යෝගා දින සැමරුම් වැඩසටහන කුරුණෑගලදී පැවැත්වුණා.
වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.