පාස්කු ප්‍රහාරය අවස්ථාවේ විනය කඩකිරීමේ චෝදනා පිළිගත් බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකු සේවයෙන් පහකර තිබෙනවා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ මෙම පොලිස් සැරයන්වරයා කටාන පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටියා.
ඔහු වෙත පැවරී තිබූ රාජකාරී ඉටුකිරීම පැහැර හැරීම හේතුවෙන් ඔහුට විරුද්ධව මූලික විමර්ශනයක් පැවැත්වුණා.
එහිදී හෙළිවූ කරුණු අනුව මෙම පොලිස් සැරයන්වරයාට එරෙහිව විනයන කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා 12ක් යටතේ චෝදනා පත්‍රයක් නිකුත් කර තිබුණා.
එම සියලු චෝදනාවන්ට මුල් අවස්ථාවේම වරද පිළිගත් බැවින් ඔහු සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයා තීරණය කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරන්නේ.
එය අද සිට ක්‍රියාත්මකයි.