දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයැදුම්පත් කැඳවයි
Related Articles
වැඩිපුරම ඉඩම් තියෙන දෙපාර්තමේන්තුවක් දුම්රිය දෙපාර්තමේන්තුව. එම ඉඩම් ආයෝජන සදහා යොදා ගැනීමේ ඵලදායි ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමටයි සැළසුම් කර ඇත්තේ.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලිවල වහළ මත සූර්ය පැනල සවිකිරීමෙන් ආදායම් උපයාගැනීමේ වැඩපිළිවෙළක් කෙරෙහිද දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා. දැනටමත් ආයෝජකයින්ට මේ සදහා අයදුම් කරන්න ලබන 24 වනදා දක්වා අවස්ථාව ද ලබා දී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සතු මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤ්වීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත ආශ්රිත ඉඩම් බදුදීම කෙරෙහි විශේෂ අවධානය යොමුවුණා. එමෙන්ම සංචාරක අකර්ෂණයට ලක්ව ඇති උඩරට මාර්ගය ආශ්රිත දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදුදීමට ද අපේක්ෂිතයි. මීට අමතරව දිස්ත්‍රික් 21 ක් පුරා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඇති ඉඩම් ආයෝජන සිදු කිරීම සදහා බදුදීමට සූදානම් කර තිබෙනවා. මෙම ඉඩම් බදුදීමේදී ව්‍යාපෘති යෝජනාවල ඵලදායිතාව, සංවර්ධන ක්‍රියාවලියට ලැබෙන දායකත්වය දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා පවත්වාගෙන යාමට බාධාවක් නොවීම යන කරුණු කෙරෙහි මූලික අවධානය යොමු කර තිබෙනවා.
මෙම වැඩපිලිවෙල සම්බන්ධයෙන් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් වී. එස් පොල්වත්තගේ මහතා මෙලෙස අදහස් පල කළා.