උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක්
Related Articles
අපොස උසස්පෙළ විභාගය පැවැත්වීම සදහා නිශ්චිත මාසයක් නිත්‍යානුකූලවම ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රාජ්‍ය හා පෞද්ගලික පාසල් පද්ධතියේ ප්‍රමිතිය පරික්ෂා කිරීමට යාන්ත්‍රණයක් ද අවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහායවීම සදහා පත් කළ විශේෂඥ කමිටුවේ පලමු සාකච්ඡාවට එක්වෙමින්. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන්ද එක්ව සිටියා.
මානව සම්පත පෙල ගැස්වීමට දැනුම කුසලතාව හා හැකියාවන්ගෙන් සමන්විත ශ්‍රමබලකායක් අධ්‍යාපන ක්‍රමයෙන් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම රජයේ අරමුණයි.ඒ සදහායි ජනපතිගේ සභාපතිත්වයෙන් දස පුද්ගල අධ්‍යාපන අමාත්‍ය කමිටුව පත් කෙරුණේ. ඊට සහාය වීම සදහා පත් කර ඇති මෙම විශේෂඥ කමිටුව මගින් පූර්ව ලමා විය සහ පෙරපාසල් අධ්‍යාපනය, ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර 5 ඔස්සේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සොයා බලා සකස් කරන ලද වාර්තාව නියමිත කාලයේදීම ජනපති වෙත භාරදීමට නියමිතයි.