fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මම නිවැරදියි – ට්‍රම්ප් අධිකරණයේදී කියයි

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2023 13:33

මම නිවැරදියි –  ට්‍රම්ප් අධිකරණයේදී කියයි

සංවේදී ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට තමා වරදකරු නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය ඉදිරියේ පවසා සිටියා.

කෙසේ වුවද පෙඩරල් අපරාධ චෝදනාවකට ලක්වූ ඇමෙරිකාවේ පළමු ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වනවා.

ෆ්ලොරීඩාහි මයෑමි ෆෙඩරල් අධිකරණයේ මෙම නඩුව විභාග කෙරුණා.

රහසිගත ලේඛන නීතිවිරෝධි ලෙස ළඟ තබාගැනීම හා ඒවා ලබාගැනීමට රජය දරණ උත්සාහයට බාධා කිරීම ඇතුළු චෝදනා 37ක් යටතේයි හිටපු ජනාධිපතිවරයාට නඩු පවරා තිබුණේ.

කෙසේ වුවද එම සියලු චෝදනාවලට තමා නිවැරදිකරු බව ඔහු අධිකරණය ඉදිරියේ පවසා සිටියා.

මෙම වසරේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට පැමිණි දෙවන අවස්ථාව මෙයයි.

නඩු විභාගයෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා නිව්ජර්සිහි බෙඩ්මිනිස්ටර් ගොල්ෆ් කල්බ් වෙත පැමිණීමෙන් අනතුරුව තම ආධාරකරුවන් ඇමතීමට ද කටයුතු කළා.

2024 වසරේ පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වයේ ඉදිරියෙන්ම සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2023 13:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්