fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජී අක්කා හෙරොයින් සමඟ අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2023 13:28

සජී අක්කා හෙරොයින් සමඟ අත්අඩංගුවට

විදෙස්ගතව සිට මෙරට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන කොළොන්නාවේ ධනුෂ්ක හා චන්දන යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සජී අක්කා නමැත්තිය පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත්තා.

හෙරොයින් ග්‍රෑම් 252 ක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැළකෙන රුපියල් හාරලක්ෂ හැටඑක්දහසකට අධික මුදලක්ද සොයා ගැනුණා.

එමෙන්ම මත්කුඩු ජාවාරම හා අපරාධ සිදු කරන කුඩු සලිදු නැමැත්තාගේ මෙන්ම විදේශගතව සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන එගොඩඋයනේ තරංග නැමැත්තාගේ ගෝලයෙකු වන අඹ මූණා නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුද මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන අයෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2023 13:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්