ප්රදේශ කිහිපයකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දැරණියගල හා දෙහිඕවිට ප්රදේශවලට නායයෑමේ රතු නිවේදන නිකුත් කෙරුණා.
ඒ අනුව කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල , යටියන්තොට , දෙහිඕවිට හා රත්නපුර දිස්ත්රික්කයේ නිවිතිගල සහ කලවාන ප්රදේශවලට නායයෑමේ අදියර දෙක යටතේ අවධානම් නිවේදන නිකුත් කෙරුණා.
කොළඹ දිස්ත්රික්කයේ සීතාවක , කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය , රත්නපුර දිස්ත්රික්කයේ ඇළපාත , රත්නපුර , ඇහැළියගොඩ , කිරිල්ල ,කුරුවිට , පැල්මඩුල්ල සහ අයගම යන ප්රදේශවලට ද නායයාම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය සඳහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/OOR4fmi6PIQ”]