fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැන්ඩෝස් සුළි කුණාටුවෙන් මියගිය සතුන් සඳහා වන්දි

hasiniek
By hasiniek ජූනි 13, 2023 15:48

මැන්ඩෝස් සුළි කුණාටුවෙන් මියගිය සතුන් සඳහා වන්දි

පසුගිය දෙසැම්බර් මාසයේ මැන්ඩෝස් සුළි කුණාටුව හේතුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මියගිය සතුන් සඳහා වන්දි ලබාදීමට රුපියල් මිලියන 30ක් වෙන්කර තිබෙනවා.

අදාළ ගොවීන්ට වන්දි මුදල ලබාදෙන ලෙස මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

වන්දි ලබාදීමට වෙන්කළ රුපියල් මිලියන 30කට අදාළ චෙක්පත් අමාත්‍යවරයා විසින් පශු සම්පත් අංශයේ අතිරේඛ ලේකම් එල් ඩබ්ලිව් එන් සමරනායක මහතාට භාරදුන්නා.

උතුරු නැගෙනහිර පළාත්වල කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් මගින් වන්දි මුදල් පිරිනැමීම සිදුකෙරෙනවා.

ඒ අනුව උතුරු පළාත සදහා රුපියල් මිලියන 18ක් මෙන්ම නැගෙනහිර පළාත සදහා රුපියල් මිලියන 11ක් වෙන්කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරන්නේ.

hasiniek
By hasiniek ජූනි 13, 2023 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්