fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාධ්‍ය මර්ධනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් රජයට නෑ

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2023 11:01

මාධ්‍ය මර්ධනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් රජයට නෑ

විකාශන නියාමන අධිකාරී පනත තුළින් කිසිදු මාධ්‍යයකට බලපෑමක් හෝ මර්දනයක් සිදු නොවන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මාධ්‍ය මර්ධනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් රජයට නොමැති බවයි. රට තුළ දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය නියාමනයන් ඇති කළ යුතු බවත් ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් සම්මත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය‍.

විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමාට හෝ ජනාධිපතිවරයාට මාධ්‍ය මර්දනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයාට මාධ්‍ය මර්දනයේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. එතුමා මාධ්‍ය පවුලක උරුමය සහිත නායකයෙක්. සාපරාධී අපරාධ නීතිය ඉවත් කළේ එතුමා විසින්. මාධ්‍ය විසින් ඇතැම් අවස්ථාවල පුද්ගලයන්ගේ පුද්ගලිකත්වයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සාපරාධ අපාරාධ නීතිය යටතේ මාධ්‍යකරුවන් බන්ධනාගාරගත කිරීමේ සහ දඩුවම් දීමේ හැකියාව සහ නීති රීති රටේ තිබුණා. එය ඉවත් කිරීමට කටයුතු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එම නිසා ඇතැම් අවස්ථාවල මාධ්‍යට වැඩි නිදහසක් දීම ගැන ජනාධිපතිවරයා දෝෂ දර්ශනයට පවා ලක්වුණා. මේ පිළිබඳ බිල්ලෙක් මවන එක සාධාරණ නැති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

විකාශන අධිකාරී පනත ඉදිරිපත් කළ පසුත් මාධ්‍ය ආයතනයන්ගේ බලපත්‍රය ආපසු ලබා දීමේ ප්‍රතිඥාව ලබා දෙන බවද හෙතෙම පැවසීය.

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2023 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්