ඕස්ට්‍රේලියාවේ බස් රථ අනතුරට හේතුව හෙළිවෙයි
Related Articles
ඕස්ට්‍රේලියාවේ බස් රථ අනතුරට හේතුව එහි රියදුරු අධික වේගයෙන් බසය ධාවන කිරීම බව හෙළිව තිබෙනවා.
පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැඳවමින් තවත් 20 දෙනෙකුට තුවාල සිදු කළ බස් අනතුර වාර්තා වුනේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන්. ග්‍රාමීය ප්‍රදේශයක ක්‍රීඩා සමාජයක් නියෝජනය කළ පිරිසක් මෙම අනතුරට මුහුණ දුන්නා. එම බස් රථයේ රියදුරු මීදුම් තත්ත්වයක් පැවතිය ද අධික වේගයෙන් බස් රථය ධාවනය කර තිබෙනවා.
වටරවුමක් අසළ දී රියදුරුගේ පාලනයෙන් මිදියාමෙන් බසය අනතුරට ලක්වුණා. 58 හැවිරිදි රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවේයි පසුවන්නේ.