fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සැකකරුවෙක් සොයා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි

hasiniek
By hasiniek ජූනි 12, 2023 12:28

සැකකරුවෙක් සොයා ගැනීමට  පොලීසිය මහජන සහාය පතයි

අවශ්‍ය කරන සැකකරුවෙකු හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, පසුගිය මැයි 20 වනදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේ දී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගෙන ඇති බවයි.

හඳුනාගෙන ඇති පහත ඡායාරූපයේ සිටින පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

පුෂ්පරාජ් විග්නේෂ්වරන් නැමති 27 හැවිරිදි එම සැකකරු ජම්පටාවීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු වෘත්තියෙන් මාළු වෙළෙඳාමේ නිරතව සිටින පුද්ගලයෙකු බවත් දකුණු අතේ පහළ බාහුවේ වැලමිටට පහළින් අලියෙකුගේ මුහුණක රූපයක් ආකාරයෙන් කැටයමක් පච්චයක් කොටා ඇති බවත් පොලීසිය පවසයි.

ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස ද පොලීසිය ඉල්ලීමක් කරයි.

අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය – 071 859 1733
ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය – 071 85917335
ස්ථානාධිපති විමර්ශන ඒකකය – 071 8596503

 

 

 

 

hasiniek
By hasiniek ජූනි 12, 2023 12:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්