ආසියා ශාන්තිකර කලාපීය අන්තර් රාජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ තහනම් උත්තේජක මර්දනය පිළිබඳ සමුළුව ලබන 12 සහ 13 යන දිනයන්හිදී කොළඹ දී පැවැත්වෙනවා.
සමුළුව මෙවර පැවැත්වෙන්නේ 18 වන වරටයි.
ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිත ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී පෝලන්තයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය විටෝල්ඩ් බන්කා මහතා සමුළුවට සහභාගිවීම සදහා දිවයිනට පැමිණියා.
සෞදි අරාබියේ නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය අල්මසයිඩ් අබ්දුල් අසිස් අබ්දුල් රහමාන් මහතා ද දිවයිනට පැමිණි අතර ඔවුන් පිළිගනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතායි.
ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල් 39කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් සහ රටවල් 9ක ක්‍රීඩා අමාත්‍යවරුන් මෙම සමුළුවට සහභාගිවීමට නියමිතයි.