fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොරැල්ලේ විශේෂ මෙහෙයුමකින් 35 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2023 08:25

බොරැල්ලේ විශේෂ මෙහෙයුමකින් 35 දෙනෙකු අත්අඩංගුවට

බොරැල්ල පොලිස් වසම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා නිලධාරීන් ඒකාබද්ධවයි මෙහෙයුම සිදුකළේ. එහිදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 15ක් සමග සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා. ගංජා ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 35ක් සමග සැකකරුවන් 5 දෙනෙකු මෙන්ම ගංජා මිශ්‍ර මදනමෝදක 91ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

විවෘත වරෙන්තුකරුවන් දෙදෙනෙකු සහ සැකපිට ප්‍රශ්න කිරීම සදහා සැකකරුවන් 19 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන ලක්ෂ 30කට ආසන්න මුදලක් ද මෙහිදී සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අලුත්කඩේ සහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2023 08:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්