fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියානු යොවුන් නෙට්බෝල් පළමු ජය ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2023 05:41

ආසියානු යොවුන් නෙට්බෝල් පළමු ජය ශ්‍රී ලංකාවට

ආසියානු යොවුන් නෙට්බෝල් තරඟාවලිය කොරියාවේ ජොන්සු නුවරදී ආරම්භ වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගවදින්නේ බී කාණ්ඩය යටතේයි.

12 වන වරට පැවැත්වෙන ආසියානු යොවුන් නෙට්බොල් තරගාවලියේ  ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක කොරියාවට එරෙහිව ඊයේ (11) තරගබිමට පිවිසුනා. එහිදී කොරියාව පරදා විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ ආරම්භක තරගයේදීම ජයග්‍රාහී බලාපොරොත්තුවක් ශ්‍රී ලංකාවට ලබා දෙමින්.

ශ්‍රී ලංකාව තරගයේ කාර්තු හතරේම ආධිපත්‍යය පතුරවමින් 25-3, 24-3,19-2 සහ 26-0 ලෙස ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකාව දකුණු කොරියාව, චීන තායිපේ, ඩෘනායි හා සිංගප්පූරුව මෙවර තරගාවලියේ බී කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටින අතර ඒ කාණ්ඩය යටතේ මැලේසියාව, ඉන්දියාව, පාකිස්ථානය, හොංකොං, ජපානය, තායිලන්තය යන  කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2023 05:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්