fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට වෙනුවෙන් සහ පක්ෂය වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට පොදුජන පෙරමුණේ සියලු දෙනා පෙළගැසිය යුතුයි

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2023 19:09

රට වෙනුවෙන් සහ පක්ෂය වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට පොදුජන පෙරමුණේ සියලු දෙනා පෙළගැසිය යුතුයි

රට වෙනුවෙන් සහ පක්ෂය වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට ශ්‍රී ලංක පොදුජන පෙරමුණේ සියලු දෙනා පෙළගැසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජනේ පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පල කළා. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි,  රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම් චන්ද්‍රසේන, සාගර කාරියවසම් යන මහත්ම මහත්මීන් ඇතුළු පොදුජන පෙරමුණු පාක්ෂිකයන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා.

පොදුජන පෙරමුණේ කරන්දෙණිය ආසනබල මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් පී ද සිල්වා,  ඩී.වී චානක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කුට්ටිආරච්චි,  සම්පත් අතුකෝරල යන මහත්වරුන් මෙම රැස්වීමට එක්ව සිටියා.

පොදුජන පෙරමුණේ බේරුවල ආසන බලමණ්ඩල රැස්වීම ද විශේෂ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා මහතා සහ නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, කෝකිලා ගුණවර්ධන, සහන් ප්‍රදීප් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම රැස්වීමට එක්වුණා.

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2023 19:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්