ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා සහනාධාර වව්චර්පත් නිකුත් කිරීම මේ වනවිට සියයට 70කින් අවසන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
ගොවීන්ට පොහොර මිලදී ගැනීමට රජය මගින් ලබාදෙන සහනාධාර වව්චර්පත් දිවයිනේ සියලු ගොවිජන සේවා බල ප්‍රදේශ ආවරණය වන පරිදි නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
එම වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචන රැස්වීමක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ගොවීන්ට හෙක්ටාරයකට පොහොර මිලදී ගැනීම සදහා රුපියල් විසිදහසක හා හෙක්ටාර දෙකකට රුපියල් 40,000 බැගින් සහනාධාර මුදල ලබාදීම සිදුවනවා.
කොළම වරාය වෙත මේ වනවිට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නෞකාවක් පැමිණ ඇති අතර එම පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදී ඇත්තේ.
මේ අතර ඊයේදිනය පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිජනතාවට පොහොර සහනාධාර වව්චර්පත් බෙදාදීම සාර්ථකව සිදුකෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/GCsdIpYhhzg”]