fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් පණිවුඩයක්

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2023 09:26

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් පණිවුඩයක්

ගිනිකොන දිග අරාබි මුහුදේ පවතින ඉතා ඡණ්ඩ සුළිකුණාටුව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාවක් ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාරේතමේන්තුව පවසනවා.

ගැඹුරු මුහුදු ප්‍රදේවල ධීවර  හා නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල ,මාතර දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු පළාත්වල මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල වැසි සමඟ තද සුලං ද ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින ඉතා ඡණ්ඩ සුළු කුණාටුව හේතුවෙන් මුහුදු ප්‍රදේශ ඉතා රළුවන බැවින් නැවත දැනුම් දෙන තුරු ගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

දැනට මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටින පිරිස් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි දැනුවත් කෙරෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2023 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්