මාලබේ දරුවා මිය යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු රිමාන්ඩ්
Related Articles
මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් අසල කැපුම් තුවාල සහිතව දරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මුල්ලේරියාව පොලිස් වසමේ හල්බරාව ප්‍රදේශයේදී කුඩා දරුවෙකු වීදුරු බෝතලයක කටු ඇනී තුවාල වීමෙන් මියගොස් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. එලෙස මියගොස් සිටියේ මාලඹේ හල්බරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහයි මාස හයක ජොනතන් මාර්ක් ෆොන්සේකා නම් දරුවායි. අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී දරුවාගේ මව සිය රැකියාවට ගොස් සිට ඇති අතර හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් අසළ දරුවා මියගොස් සිටියදී සොයාගැණුණා. ඒ සම්බන්ධව තොරතුරු ලබා දී ඇත්තේ තණකොළ කපමින් සිටි පුද්ගලයෙකු බවයි වැඩබිම අසල පදිංචිකරුවන් ප්‍රකාශ කරන්නේ. විමර්ශණවලින් ලැබුණු තොරතුරු අනුව ඊයේ පස්වරුවේ එම ස්ථානයේ තණකොළ කපමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා.
අදාළ සැකකරු අද අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මේ අතර මියගිය දරුවාගේ දේහය දෙමව්පියන්ට භාරදී තිබෙන අතර හෙට පස්වරුවේ අවසන් කටයුතු තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.