දින 40කට පසු ඇමර්සන් වනයෙන් හමුවූ දරුවන් හතරදෙනා
Related Articles
ගුවන් අනතුරකින් අතුරුදන් වූ දරුවන් හතර දෙනෙකු දින 40 කට පසු ඇමර්සන් වනාන්තරයෙන් සොයාගෙන තිබෙනවා.
මැයි පළමු වනදා සිදු වූ ගුවන් අනතුරකින් දිවි ගලවා ගත් වයස අවුරුදු 13, 09, 04 සහ අවුරුද්දක් වයසැති ළදරුවෙක් ඇමර්සන් වනාන්තරයේ කොළොම්බියාවට අයත් කොටසෙන් සොයාගෙන තිබෙනවා.
දරුවන්ගේ මව සහ ගුවන් නියමුවන් දෙදෙනෙකු ගුවන් අනතුරෙන් මියගොස් ඇති අතර ඔවුන්ගේ සිරුරුද සොයාගෙන තිබෙනවා.
දින 40 කට පසු මෙම දරුවන් හමුවීම ප්‍රාතිහාර්යයක් බවයි කොළොම්බියාවේ ජනාධිපති ගුෂ්ඨාවෝ පෙට්රෝ පවසන්නේ.
මෙම දරුවන්ට දිවි බේරා ගැනීමට ඇමර්සන් වනාන්තරයේ ආදිවාසීන් උපකාර කර ඇති බව මේ වන විට හෙළිව තිබෙනවා.