කතරගම ඇසළ පෙරහැරට වාර්ෂිකව පාගමනින් ගොස් සහභාගී වන වතුකරයේ පළමු කණ්ඩායම අද දින ගමන් ආරම්භ කළා.
මේ මස 19 දින කතරගම ඇසළ පෙරහැර ආරම්භ කිරීමට නියමිත බවත්,ඒ සදහා සහභාගී වන වතුකරයේ පළමු කණ්ඩායම මෙසේ ගමන් ආරම්භ කල බවයි එම පාගමනට එක් වී සිටින වතුකරයේ බැතිමතුන් කියා සිටියේ.
හැටන් , නුවරඑලිය , වැලිමඩ , බණ්ඩාරවෙල , වැල්ලවාය , ලුණුගම්වෙහෙර හරහා කිලෝමීටර් 240 ක් පාගමනින් ගමන් කරන මෙම කණ්ඩායම මේ මස (18) දින කතරගම පුජා භුමියට ළඟාවීමට නියමිතයි.
දිනකට කිලෝමීටර් 20 – 25 අතර දුර ප්‍රමාණයක් පාගමනින් ගමන් කර එම ප්‍රදේශ වල තිබෙන වෙහෙර විහාරස්ථාන සහ හින්දු කොවිල් වල රාත්‍රී කාලයේ විවේක ගෙන ඉන් අනතුරු ඊට පසු දින යලිත් ගමන් ආරම්භ කරනවා.
මෙම පාගමනට කුඩා ළමුන් තිදෙනෙකු , කාන්තාවන් පස්දෙනෙකු එක් වී සිටින අතර, එම කාන්තාවන් අතර අවු 80 සහ 85 වයස් කාණ්ඩයේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු එක්ව සිටිනවා.
කතරගම පාගමනේ යෙදෙන බැතිමතුන්ට මාර්ගයේ ගමන් ගන්නා මගීන් විසින් මුදල් සහ වියළි ආහාර ද්‍රව්‍ය ලබා දෙනු දක්නට ලැබුණා.