අගමැති ආසියානු සංවර්ධන බැංකුව සමග මෙරට අනාගත ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කරයි
Related Articles
ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ ආරක්ෂණය වැඩිදියුණු කිරීම පිණිස වසර 4 ක් සදහා අනුග්‍රහය දැක්වීමට ආසියා සංවර්ධන බැංකුව සැලසුම් කර තිබෙනවා. එමගින් ඇමෙරිකා ඩොලර් මිලියන 350 ක ණය මුදලක් ලැබෙනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් පැවති සාකච්ඡාවකදී හෙළි වුණේ.
අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආසියා සංවර්ධන බැංකුවේ දකුනු ආසියා කලාපීය අධ්‍යක්ෂ ජෙනරාල් කෙනචි යොකොයෙමා හා එම තනතුරට අලුතින් පත්ව සිටින තකෆුමි කදොනෝ යන අය අතර සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පිළිගත් අග්‍රාමාත්‍යවරයා නික්ම යන අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සිය ස්තූතිය පළ කළා. ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ක්ෂණික සහාය ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ආසියා සංවර්ධන බැංකුව වෙත ප්‍රසාදය පළ කළා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට මේ වන විටත් එම බැංකුව ඩොලර් මිලියන 380 ක ණය මුදලක් ලබා දී තිබෙනවා.පොහොර, ඖෂධ සහ ජලය පිරිපහදු කිරීම මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 333 ක හදිසි ආධාර ලබාදීම පිළිබදවද අග්‍රාමාත්‍යවරයා මෙහිදි විශේෂයෙන් සදහන් කළා. අයි එම් එෆ් සහ ලෝක බැංකුව ඇතුළු අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග ශ්‍රී ලංකාවට උපරිම ආර්ථික සහාය දක්වන බවයි ආසියා සංවර්ධන බැංකු නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළේ.