මාලඹේ හල්බරාව ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මිය ගිය පස් හැවිරිදි දරුවෙකුගේ සිරුරක් ඊයේ රාත්‍රියේ සොයා ගැණුනා.
මෙය ඝාතනයක් ද නැතිනම් අනතුරක් හේතුවෙන් සිදුවු මරණයක් ද යන්න සම්බන්ධව සොයා බැලීමට වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ.
මුල්ලේරියාව පොලිස් වසමේ හල්බරාව ප්‍රදේශයේදී කුඩා දරුවෙකු වීදුරු බෝතලයක කටු ඇනී තුවාල වීමෙන් මියගොස් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. එලෙස මියගොස් සිටියේ මාලඹේ හල්බරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහයි මාස හයක දරුවෙක්. අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී දරුවාගේ මව සිය රැකියාව ගොස් සිට ඇති අතර හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් අසළ දරුවා මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා. ඒ සම්බන්ධව තොරතුරු ලබා දී ඇත්තේ තණකොළ කපමින් සිටි පවුලේ හිතවතෙකු බවයි වාර්තා වුණේ. මේ පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය හා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ස්ථානීය පරීක්ෂාව සිදු කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලිසිය දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා.