යාපනය මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 18ක් සහ යාත්‍රා 06ක් අත්අඩංගුවට
Related Articles
යාපනය මුහුදු සීමාවේ ස්ථාන කිහිපයක නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 18 දෙනෙකු සහ යාත්‍රා 06ක් සමගින් මුහුදු කූඩැල්ලන් 669 ක් අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානය විසින් යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්ගේ විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකර තිබෙනවා.
එහිදී එම මුහුදු ප්‍රදේශයන්ගේ නීති විරෝධි ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, වලංගු බලපත් රහිතව ධීවර කටයුතු සිදු කිරීම සහ බලපත් රහිතව අනුමත සීමාව ඉක්මවා කිමිදුම් උපකරණ තබා ගැනීම යන නීතිරෝධි කටයුතු සිදුකල පුද්ගලයින් දහ අට දෙනෙකු (18), මුහුදු කූඩැල්ලන් හයසිය හැට නවයක තොගයක් (669), ඩිංගි යාත්‍රා හයක් (06), කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය , මුල්ලියාන් සහ මන්නාරම ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 18 ත් 42 ත් අතර වියේ පසුවන්නන් වන අතර ඔවුන් සහ මුහුදු කූඩැල්ලන් සමඟ ධීවර යාත්‍රාද වැඩිදුර පරික්ෂණ කටුයුතු සඳහා යාපනය සහ යාපනය ධීවර හා ජලජ සම්පත් කාර්යාලයට භාර දීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.