ඇමෙරිකාවේ උද්‍යානයක ගුවන් පාලමක් කඩා වැටීම නිසා 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සාගර උද්‍යානයක පදික ගුවන් පාලමකුයි මෙලෙස කඩා වැටී තිබෙන්නේ.
තුවාල ලැබූ සියලු දෙනා නව යොවුන් වියේ පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
මෙම පදික ගුවන් පාලම භූමි මට්ටමට වඩා මීටර් තුනක් පමණ ඉහළින් පිහිටා තිබූ පාලමක් වනවා.
පස්දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.