ජර්මනිය , ඉන්දියාව සමඟ එක්ව සබ්මැරීන 6ක් නිෂ්පාදනය කිරිමේ සූදානමක් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ජර්මානු ආරක්ෂක අමාත්‍යවරයා පසුගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වුවා.
එහිදි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සමඟ ද විශේෂ හමුවක් පැවති අතර සබ්මැරීන වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
ඉන්දීය සාගර කලාපය තුළ චීනයේ යුද ක්‍රියාකාරකම් පාලනය කිරිමේ අරමුණින් ජර්මනිය ඉන්දියාවට මෙම පහසුකම් සැලසීමට කටයුතු කරන බවටයි විශ්ලේෂකයින් මත පළ කරන්නේ.
ඇමෙරිකා ඩොලර් බිලියන 5කට අධික වටිනාකමකින් යුත් මෙම වැඩසටහන හරහා ඉන්දීය නාවික හමුදාව සතු පැරණි සබ්මැරීන ඉවත් කර නව සබ්මැරීන ලබාදීම සිදුවනු ඇති.