fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුව ආවරණ පළඳින්නැයි කැනඩා ජනතාවට ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2023 09:26

මුව ආවරණ පළඳින්නැයි කැනඩා ජනතාවට ඉල්ලීමක්

කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් පිටවන දුමාරය නිසා එරට ජනතාවට මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

උතුරු ඇමෙරිකාවේ බොහෝ පිරිසකට ලැව් ගිනි හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්වීමට සිදුව තිබෙනවා.

එන් නයින්ටිෆයිව් වර්ගයේ මුව ආවරණ පළඳින්නැයි කැනඩා සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

නිව්යෝර්ක් නගරයටද ලැව් ගිනිවලින් පිටවන දුමාරය බලපෑම් එල්ල කර තිබෙනවා.

කැනඩාවේ කුබෙක් නගරයේයි ලැව් ගිනි හටගෙන ඇත්තේ.

ස්ථාන 150 ක පමණ ගිනි ගැනීම් සිදුවනවා.

පහළොස් දහසක පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර එය දරුණු මට්ටමකට ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2023 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්