අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතු පුද්ගලයින්ගේ ආදායම් මට්ටමට ගැලපෙන පරිදි නිවාස ව්‍යාපෘති 9ක ඉදි කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ, මහා භාණ්ඩාගාරයට බරක් නොවන පරිදි නිවාස ව්‍යාපෘති ඉදිකරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා නව උපාය මාර්ග අනුගමනය කරන ලෙසත්ය.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන් වෙනුවෙන් 2020 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුවයි.
නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය මත අදාළ නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 10,430,84ක මුදලක් වැය කර ඇති බව සඳහන්.