fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ජන බලවේගයේ විරෝධතාවට අධිකරණයෙන් වාරණ නියෝගයක්

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2023 08:26

ජාතික ජන බලවේගයේ විරෝධතාවට අධිකරණයෙන් වාරණ නියෝගයක්

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට සංවිධානය කරනු ලබන විරෝධතාවට අදාළව මාර්ග කිහිපයක උද්ඝෝෂණය කිරීම පමණක් වලක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනකුට එරෙහිව නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (01) වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත්තේ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ සාමාජිකයන් වන විජිත හේරත්, ලාල් කාන්ත, ටිල්වින් සිල්වා, සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ ඇතුළු 26 දෙනකුට එරෙහිවයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ කාර්යාලයේ ප්‍රවේශ මාර්ගයන් හි උද්ඝෝෂණය කිරීම තහනම් කරමිනුයි මෙම අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.

වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති පාර්ශ්වයන් සිදුකිරීමට නියමිත උද්ඝෝෂණය හේතුවෙන් අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල් සදහා අවහිරයක් මෙන්ම මහජන පීඩාවක් සිදුවන බවට සදහන් කරමින් වැලිකඩ පොලීසිය මෙම ඉල්ලීම අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2023 08:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්