පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ඇපමත මුදා හැරේ
Related Articles
පොලිස් රාජකාරියට බාධා කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන් මහතා රුපියල් ලක්ෂ 5 ඇපයක් මත මුදා හැරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් ස්මයි ජමයිල් මහතා ඊයේ නියෝග කළා.
ඊට අමතරව මන්ත්‍රීවරයාටපනවා තිබූ තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කරන ලෙස ද කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
කොළඹ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේදී අද උදෑසන මරදන්කේනි පොලීසිය ජෙයපුරම් පොලීසිය මගින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන සවස් වන විට කිලිනොච්චිය පොලිස් ස්ථානයට රැගෙන ඒමට කටයුතු යොදන ලදි.
පොලීස් ස්ථානයේදී මන්ත්‍රිවරයාගෙන් කටඋත්තර ලබාගැනීමෙන් පසුව මන්ත්‍රීවරයා දැඩි ආරක්ෂාවක් හමුවේ කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණි.
පසුගිය 02 වැනිදා වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පැවති ජනහමුවකට සහභාගී වූ මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිකරගත් ආරවුලක් සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එහිදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ අධාරකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට මරදන්කේනි පොලීසිය පියවර ගනු ලැබුවා.