fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාමල්ට, සංජීව එදිරිමාන්නට, රේණුකට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

hasiniek
By hasiniek ජූනි 7, 2023 11:45

නාමල්ට, සංජීව එදිරිමාන්නට, රේණුකට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

නාමල් රාජපක්ෂ , සී.බී රත්නායක සම්පත් අතුකෝරල, සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා යන අයගේ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කෙරුණා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.

අරගලකරුයන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කරමින් මෙම ජනතා නියෝජිතයන්‌ගේ විදෙස් ගමන් තහනම් කර තිබුණා.

එහෙත් මෙම පිරිස සැකකරුවන් ලෙස නම් කර නොමැති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාගේ විදෙස් ගමන් තහනම ද මාස දෙකක කාලයක් සදහා ඉවත් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

නඩුව ජුනි 19 වනදා යලි කැදවීමට නියමිතයි.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියා.

hasiniek
By hasiniek ජූනි 7, 2023 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්