fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තරේ විරෝධතාවට අධිකරණයෙන් වාරණ නියෝගයක්

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2023 10:59

අන්තරේ විරෝධතාවට අධිකරණයෙන් වාරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ  උද්ඝෝෂකකරුවන්ට ජනාධිපති මන්දිරය,අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයට ඇතුළුවීම  තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා.

ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරෝධය පල කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද දිනයේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

මෙම උද්ඝෝෂකකරුවන්ගෙන් පොදු ජනතාවට අවහිරතා සිදු වන අතර පොදු දේපලවලට හානි සිදු  විය හැකි බැවින් එය වලක්වාලීමේ නියෝගයක් ලබා දෙන ලෙස කොටුව සහ කොල්ලුපිටිය පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදීයී මහේස්ත්‍රාත්වරයා ජනාධිපති මන්දිරය ආදී ස්ථානවලට ඇතුළුවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කළේ.එන්.එස්.ඒ වටරවුමේ සිට ගාලු මුවදොර වටරවුම දක්වා ප්‍රදාන මාර්ගවල ගමන් කිරීම ද උද්ඝෝෂණකරුවන්ට තහනම් කෙරුණා.

පොදු දේපලවලට හානි නොකරන ලෙසත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළා.

අදාළ නියෝග කඩකරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසයි පොලීසිය දැනුම් දුන්නේ.

අන්තරේ කැදවුම්කරු ඇතුළු 14 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් මෙම නියෝගය ලබා දුන් අතර  ඔවුන්ට මෙම නියෝගය කියවා භාර දෙන ලෙස පොලීසියට ද නියෝග කළා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2023 10:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්