වසර 180කට පසු සිංගප්පූරුව තුරඟ තරග පැවැත්වීමට සූදානම්

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2023 10:53

වසර 180කට පසු සිංගප්පූරුව තුරඟ තරග පැවැත්වීමට සූදානම්

වසර 180 කට පමණ පසු සිංගප්පූරුව තුරග තරග පැවැත්වීමට සූදානම් වනවා.

අවසන්වරට  සිංගප්පූරුවේදී තුරග තරග පවත්වා ඇත්තේ මීට වසර 180කට  පමණ පෙරයි.

සිංගපූරුවේ ඉදිකර ඇති එකම තුරග තරගපිටිය වන සිංගප්පූරු ටර්‌ෆ් ක්ලබ්හිදී නව තරග පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

එම තරග ලබන වසරේදී පැවැත්වීමට නියමිතයි.

1842 වසරේදී තුරග තරග සිංගප්පූරුවට හදුන්වාදී ඇති අතර සිංගප්පූරු ක්‍රීඩා සමාජය එම තරග සංවිධාන කර තිබෙනවා.

200 වසරේදී එරට තුරග තරග පිටිය සිංගප්පූරු ඩොලර් මිලියන 500 ක වියදමින් නවීකරණය කර ඇති ඇතර ප්‍රේක්ෂකයින් 30,000කට එහි තරග නැරඹීමට හැකියාව පවතිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2023 10:53