සජිත් සහ කිරිඇල්ල මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් වෙනුවෙන් කතා කරයි
Related Articles
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තුවට ඒමට අයිතියක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පොන්නම්බලම් මහතා පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටින අවස්ථාවක ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිදු අයිතියක් නැති බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රැකගැනීමට කටයුතු කරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියා
මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා තමන්ට කතා කළ බවත් පාර්ලිමේන්තුවට පැමිණ ඉන් අනතුරුව පොලිසියට යන බවත් දැන්වූ බව මන්ත්‍රී කිරිඇල්ල මහතා ප්‍රකාශ කළා.
“ඔහුට ඉන්නේ රියදුරු විතරයි. ආරක්ෂාවට කවුරුත් නෑ .ඔහු සාමකාමී කෙනෙක් ” වශයෙන්ද කිරිඇල්ල මහතා සඳහන් කළා.
එම අවස්ථාවේ කථානායකවරයා කියා සිටියේ පොලිසිය සහ මන්ත්‍රීවරයා යන දෙපිරිසම තමන්ට කතා කළ බවයි .
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත පාර්ලිමේන්තුවට රැගෙන එන බව පොලිසිය ප්‍රකාශ කළ බවයි කථානායකවරයා කියා සිටියේ .
UPDATE……
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදන්කේනි සහ ජයපුරම් පොලිස් ස්ථානවල නිලධාරීන් පිරිසක් බවයි වාර්තා වන්නේ.
පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ඇති කරගත් ආරවුල මන්ත්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතු වී තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව පොලීසිය කිලිනොච්චිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද ඊයේ පනවනු ලැබුවා.