fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය පහත වැටෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2023 14:27

ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය පහත වැටෙයි

ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන හතරයි දශම තුනකින් පමණ පහත වැටී තිබෙනවා.

ඉන්දියාවේ විදේශ විනිමය සංචිතවල විශාලතම සංරචකය වන විදේශ මුදල් වත්කම් ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන හතරකින් පමණ පහළ ගොස් ඇති අතර මේ වන විට එරට විදේශ මුදල් වත්කම් ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 521කට ආසන්න වනවා.

එමෙන්ම එරට රන් සංචිත ඇමෙරිකා ඩොලර් මිලියන 225කින් පමණ පහළ ගොස් ඇති අතර එහි සමස්ත වටිනාකම දැක්වෙන්නේ ඩොලර් බිලියන 44.9ක් ලෙසයි. පසුගිය මැයි 26 දින වන විට ඉන්දියාවේ සමස්ත විදේශ විනිමය සංචිත ප්‍රමාණය දැක්වෙන්නේ ඩොලර් බිලියන 589.1ක් ලෙසයි.

මේ ආකාරයටම මීට සතියකට පෙර දී ද ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6කින් පමණ පහළ ගියා.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2023 14:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්