විද්‍යුත් විකාශන අධිකාරී පනත සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන බවත්, ඒ පිළිබඳ කිසිම රහසක් නැතැයි කැබිනට් ප්‍රකාශක,ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අද (06) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත් කර ඇති බවත් පාර්ලිමේන්තුවේ දී මෙම පනත සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
විකාශන අධිකාරී පනතේ අහිතකර දෙයක් තිබේ නම් , එය පෙන්වා දෙන්න. එක්සත් රාජධානියේ තිබෙන වඩාත් පුළුල් වූ විකාශන අධිකාරී පනතට සමානව ඊට ආදේශ කරමින් මෙය සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඕනෑම ක්ෂේත්රයක් නියාමනයකින් තොරව පැවතීම සාධාරණ නැහැ. මෙම ක්ෂේත්‍ර යේ දීර්ග කාළීන සංවාදයකින් පසුවයි මෙම පනත ගෙන එන්නේ”යැයි පැවසීය.