වැලිගම මුහුදු තිරයේදී බෝට්ටුවකට පහර දී අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය තුළ කළ විභාග කිරීමක් අතර තුර 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිසිය තුලදී සාමය කඩවන ආකාරයට හැසිරීම හේතුවෙන්.
ඒ අතර කාන්තාවන් 5ස දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 14 දෙනෙකු වන බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් එක පුද්ගලයෙකු පැමිණි ත්රීරෝද රථයක උල් පිහියක් සහ කදුවක්ද තිබීම හේතුවෙන් ත්රීරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඔවුන් අද (06) ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි