මෙම වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 27ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා
වෙඩිවැදීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.
“ඒ වගේම තුවාල ලබා තිබෙනවා 10දෙනෙක් වෙඩිතැබීමේ සිදුවීම් නිසා. මේ සියල්ල ගැන විමර්ශන සිදුකරනවා. ඒ වගේම ඒ සිදුවීම්වලින් යම් ප්‍රමාණයක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් සිදුවෙලා තියෙනවා මේ වර්ෂය තුළ. ඒ වගේම මේ සිදුවීම් සඳහා සම්බන්ධ වෙච්ච වාහන සහ ගිනිඅවි අත්අඩංගුවට ගැනීමක් සිදුවෙලා තියෙනවා.”